Iron Fist බැලුවද?



කොහොමද ගයිස්.... අර දෙකයි පනහේ කොමික් බෙස්ඩ් සිරිස් වගේ නෙමේ මේවා රස ඒවා… රස ඒවා 😀  දන්නවනේ කට්ටිය මාවල් අය ඩිෆෙන්ඩර් සිරිස් එක ගොඩ නගනවා කියල. මේක තමා දැනට එලියට ආවේම නැති චරිතය. දැන් ඔන්න ඒ අඩුවත් හරි ඉතිං නිලුපුල්, චාමර, ප්‍රනීත්, සුධීර, නිර්මාණි, හසන්ත, ඩිලා, දසන්, යසිරු, අචින්ත ඇතුළු සෙට් එකත් එක්ක එකතු වෙලා තමයි සුපුරුදු පරිදිම මේක ඔයාලට අරගෙන එන්නේ. මේ වෙනකොට මේකේ එපිසෝඩ් සෙට් එකම ඩව්න්ලෝඩ් කරගෙනත් ඇති ගොඩක් අය, imdb 8.1ක් අරගත්ත මේ කතාවේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ ගේම් ඔෆ් ත්‍රෝන් රංගන ශිල්පී Finn Jones විසින්.

මුලින්ම කියන්න ඕන කොමික් වලට වඩා පොඩ්ඩක් වෙනස් විදියකට තමයි කතාව යන්නේ, සමහර තැන් වෙනස් විදියට කතාවේ තියෙන්නේ උදාහරණයකට රැන්ඩල්ගේ මව්පියන් මියයන විදිය එහෙම. අයන්ෆිස්ට්ගේ හැකියාවන් ගැන කියනවනම්. 
  • විශිෂ්ඨ දේහ ශක්තිය ඇති අයෙක්.
  • ද්වන්ධ සටනෙහි නිපුණයෙකි.
  • වෙනත් අයගේ මනස හා සම්බන්ධ වීමට හැකියාව පවතී.
  • කුන් ලු මාෂල් ආට්ස් සහ තවත් බොහොමයක් සටන් ක්‍රමයන් සහ ඒවායේ භාවිතා කරන ආයුධ හැසිරවීමේ ප්‍රවිනයෙකි.
  • ආධ්‍යාත්මිය ශක්තිය නොහොත් “චි” භාවිතයෙන් තමන්ගේ භෞතික සහ මානසික හැකියාවන් සාමාන්‍ය මිනිසෙකුට වඩා ඉහල තැනකට අරගනිමේ හැකියාව පවතී. 
  • තමන්ගේ ස්නායු පද්ධතිය හසුරුවාගැනීම මගින් තමන්ගේ වේදනාව යටපත් කරදැමීමට සහ තමා විසින්ම සුව කරගැනීමටත් අනෙක් අයව එසේ සුව කිරීමටත් යම් හැකියාවක් ඇත. නමුත් මෙය සිදුකල පසු නැවත සිදුකිර්මට යම් කාලයක් ගතවේ. (Recover time)
  • ඔහුට තම චි මගින් මාන අතර (Dimensions) සම්බන්ධිත ස්ථාන (Nexus Points) සෑදීමට හැකියාවක් ඇත.

  • ඒ වගේම ඩැනියල් කියනේ මාවල් විශ්වයේම ඉන්න මාෂල් ආර්ට් ශුරයින් අතර දෙවන ස්ථානයේ රැඳෙන චරිතය (Marvel Top 10 Martial Artists). ඉතිං දැන් කතාව පටන් ගන්නේ වසර ගණනාවක් තිස්සේ මියගියා කියල හිතාගෙන හිටිය රැන්ඩල් හදිසියේම තමන්ගේ දේවල් හොයාගෙන පැමිණීමත් එක්ක.  😀

Download torrent  

Comments